ආයෙත් සනත් ආවා කියලා හිතුනේ කාටද මෙන්න පොඩි සනා ගහපු සනාගේ ගැහිල්ලේ video ව

සිය අර්ධ ශතකය පන්දු 32කදි ලබාගත් කුසල් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වේගවත්ම අර්ධ ශතකය ලබාගත් ශ‍්‍රි ලාංකික ක‍්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්වු අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ශාන්යආරම්භයේදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුවද පසුව කඩුල්ල ආරක්ෂා කරගනිමින් තැන්පත් පිතිහරඹයක නිරතවු කුසල් පෙරේරා ලකුණු 80 ක් රැස්කර සිටියදි බ්ලෙසින් මුසරබානි වෙත ලබාදුන් උඩපන්දුව රැකගැනිම හේතුවෙන් ඔහුගේ ඉනිම අවසන්විය. සිය 9 වැනි එක්දින අර්ධ ශතකය ලබාගත් කුසල් පෙරේරා පන්දු 83 කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ලකුණු 57 දී සොලමන් මීරේට ලබාදුන් උඩපන්දුව සහ ලකුණු 77 දී පන්දු යැවූ ග්‍රේඒම් ක්‍රීමර් අතට නැවත ලබාදුන් උඩපන්දුව අතහැරීම හේතුවෙන් කුසල් පෙරේරාට දෙවතාවක් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව හිමිවිය.

Comments